ඉලෙක්ට්‍රොනික්ස් සහ ආඩුයිනෝ ක්‍රමලේඛණය පිළිබඳ මූලික පාඨමාලාව
පෙබරවාරි 11 දින ආරම්භ වී සෑම බදාදා දිනකම ප.ව.7.00 සිට 8.30 දක්වා පවත්වනු ලැබේ.
2026 වර්ෂයේ දී 6-9 ශ්‍රේණි වල සිසුන් සඳහා විශේෂයෙන් සැළසුම් කර ඇත.
කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) රොබෝ තාක්ෂණය (Robotics) … මේ දිනවල ප්‍රචලිත මාතෘකාවක්. මෙවැනි බෝහෝ විෂයයන් වල මූලික පදනම ඉලොක්ට්‍රොනික (Electronics) තාක්ෂණය සහ ක්‍රමලේඛනයයි (Programming). 2021 වර්ෂයේ සිට මේ දක්වා මාර්ගගතව, මේ සම්බන්ධ පාඨමාලා පැවැත්වීම මගින් සිසුන්ගේ අත්දැකීම් සහ දැනුම වර්ධනය කිරීම සිදුකරමින් පවතී. විශේෂයෙන්ම නව නිර්මාණකරණයට උනන්දුවක් දක්වන දරුවන්ට ඒ සඳහා අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ලබා දීම මෙහි අරමුණයි.
අප සැළසුුුම් කර ඇති මෙම මාර්ගගත පාඨමාලාව තුලින් මෙවැනි විෂයයන් පිළිබඳව 6-9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන්ට මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත. නිතර පාඨමාලා අන්තර්ගතය යාවත්කාලීන කිරීම සිදු කරනු ලබන අතර ව්‍යාපෘති පදනම් කර ගනිමින් පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ.
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත මොඩියුල පදනම් වූ පාඨමාලාවේ අන්තර්ගතය …(Module based course)
මොඩියුල 1 සිට 3 දක්වා – ව්‍යාපෘති 12 ක් මගින් ඉලෙක්ට්‍රොනික පරිපථ ගොඩනැඟීම. (Basic Electronics)
මොඩියුල 4 සිට 10 දක්වා ව්‍යාපෘති 24 ක් මගින් ආඩුයිනෝ ක්‍රමලේඛණ මගින් පරිපථ ගොඩනැඟීම. (Arduino programming)
සම්බන්ධ වීම…
මෙම පන්තිය සම්පූර්ණයෙන්ම මාර්ගගතව පවත්වනු ලැබේ. ඒ සඳහා Zoom තාක්ෂණය භාවිත කරන අතර WhatsApp සමූහයක් මගින් අවශ්‍ය සන්නිවේදන කටයුතු කරනු ඇත. පන්තියට ප්‍රවේශ වීම සඳහා මුරපදයක් (Passcode) පෞද්ගලිකව ලබා දෙනු ඇත.අවශ්‍ය අවස්ථා වල දී ව්‍යාපෘති සඳහා අවශ්‍ය නිබන්ධන pdf ලෙස WhatsApp group වෙත එවනු ලබන අතර පන්තියට සම්බන්ධ වීමට පෙර එය මුද්‍රණය කර ගැනීම වඩාත් උචිතය.
කාලය සහ ගාස්තු
සම්පූර්ණ පාඨමාලාව මොඩියුල 10 කි. සෑම මොඩියුලයකටම ව්‍යාපෘති 4 බැගින් ඇතුලත් වේ. සතියකට දිනක් පැය 1 මිනිත්තු 30 බැගින් පන්තිය පවත්වන අතර එක් පන්තියක දී ව්‍යාපෘති 1 ක් සම්පූර්ණ කරනු ඇත.
පළමු දින 3 (ව්‍යාපෘති 3 ) නොමිළයේ සම්බන්ධ විය හැකි අතර 4 වන දින සිට මොඩියුල ගාස්තුව වන රු 1250/– ක් ගෙවා ලියාපදිංචි විම කළ යුතුයි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය උපාංග ඔබ විසින් පෞද්ගලිකව සපයා ගත යුතුය.
පාඨමාලාව මෙහෙයවීම
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම පිළිබඳ වසර 25 ක අත්දැකීම් ඇති උපදේශකයකු වන අනුර ප්‍රියදර්ශන ගුණරත්න මෙම පාඨමාලා මෙහෙයවීම සිදු කරයි. ඔහු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඩිප්ලෝමාධාරියෙක් (Dip. in Electronics) මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි (BIT).
ඇගයීම සහ සහතික පත්‍රය
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා මාර්ගගත ඇගයීමකින් අනතුරුව සහතික පත්‍රය නිකුත් කරනු ලැබේ.

පාඨමාලාවේ දී සිසුන්ට තනිව පහත සඳහන් ක්‍රියාකාරකම් ව්‍යාපෘති 40 ක් මොඩියුල 10 ක් ලෙසින් කිරීමට අවස්ථාව ලැබේ…
ඉලෙක්ට්‍රොනික ව්‍යාපෘති 12 – Electronics Project -12
Module 1 – පරිපථ ගොඩනැඟීමේ මූලික ක්‍රම – Components kit 1
Project 1 – සරල පරිපථයක් නිර්මාණය කර පරිපථ සටහනක් ඇඳීම. (වොල්ටීයතාව – Volt)
Project 2 – සන්නායක සහ ප්‍රතිරෝධකතාව හඳුනා ගැනීම. (ප්‍රතිරෝධකතාව-Ohms)
Components kit 2
Project 3 – ව්‍යාපෘති පුවරුව මත LED සහ ප්‍රතිරෝධක පරිපථයක් ගොඩනැඟීම (Project board)
Project 4 – වෝල්ට් 9/ 12 භාවිතයෙන් LED ක්‍රියාත්මක කිරීම. (ශ්‍රේණිගත LED සහ ප්‍රතිරෝධක))
Module 2 – LED සහ ට්‍රාන්සිස්ටර් පරිපථ
Project 5 – LED ආලෝක පාලකය – ට්‍රාන්සිස්ටරයක් භාවිතයෙන් පරිපථයක් නිර්මාණය කිරීම.
Project 6 – විචල්‍ය ප්‍රතිරෝධකයක් භාවිතයෙන් LED එකක ආලෝකය පාලනය කිරීම.
Project 7 – ආලෝක සංවේදී පරිපථය (LDR)
Project 8 – අඳුරට සවේදී වන පරිපථය. (LDR)
Module 3 – ප්‍රායෝගික ඉලෙක්ට්‍රොනික නිර්මාණ
Project 9 – නිවෙන දැල්වෙන LED පරිපථය තුලින් බහුකම්පක පරිපථයක් නිර්මාණය.
Project 10 – පස වියළී ඇති බව හඳුනා ගැනීමේ පරිපථය
Project 11 – කම්පන සංවේදක පරිපථය. (Door, Stump ect)
Project 12 – Wire loop උපකරණක් නිර්මාණය










ආඩුයිනෝ ව්‍යපෘති 28– Arduino Projects – 28
Module-4 – Arduino Basics and LED Projects– Components kit 3
Project 01 -මූලික සම්බන්ධ කිරීම් සහ Arduino පුවරුව පරීක්ෂා කිරීම (Hello world)
Project 02- LED පාලනය කිරීම – Controlling LEDs
Project 03- ආලෝක රටා නිර්මාණය – Running LED / VIP light
Project 04- LED එකක ආලෝකය පාලනය – LED brightness controller
Module-5 LED Effects and Sound Generation
Project 01- විවිධ වර්ණ සංයෝජන – RGB LED colour controller
Project 02 -නයිට් රයිඩර් ආලෝක රටා – Knight rider lights
Project 03- ශබ්ද උත්පාදනය -Police siren Tone generator and happy birthday song coding
Project 04- සීරියල් මුද්‍රණය – Printing a message using serial print. Doing simple calculation
Module-6 Switches and Light Sensors
Project 01- සරල ස්විච – Push button ON/OFF LED. (Sequence method)
Project 02- සංකීර්ණ ස්විච Push button ON/OFF LED. (Selection method) if else
Project 03- ආලෝක සංවේදී පරිපථ – Light sensor circuit (Day), Light sensor circuit (Night)
Project 04- ඉලක්කම් නිර්මාණය – Seven Segment Display 0-9 counter
Module-7 Displays, Sensors and Servo Control (Components kit 4)
Project 01- ඉලෙක්ට්‍රොනික දාදු කැටය Digital dice – SSD
Project 02- IR Module and Tinkercad Arduino Projects
Project 03- ස්වයංක්‍රීය මාර්ග බාධකය Automatic Road barrier (Servo Motor and IR Module)
Project 04- සමීප බව හඳුනා ගැනීමේ උපකරණය Proximity Alert System (Ultrasonic Sensor)
Module-8 – Motor, Vehicle Chassis and Basic Navigation
Project 01- සුහුරු කසල බඳුන – Smart Dustbin
Project 02- මෝටර් පාලක මොඩියුලය- Operating L298N Motor driver module and gear motor
Project 03- වාහනය සැළසුම් කර චැසිය ගොඩ නැගීම සහ එකලස් කිරීම- Building Vehicle chassis
Project 04- කේතයකට අනුව ධාවනය කිරීම (Using functions)
Module-9 – Vehicle Chassis Automation
Project 01- ව්‍යාපෘති සඳහා ගැලීම් සටහන නිර්මාණය
Project 02- අධෝරක්ත LED මගින් ස්වයංක්‍රීය කිරීම (Automating using IR module)
Project 03- දෝෂ අනාවරණය සහ නිවැරදි කිරීම.
Project 04- අති ධ්වනි තරංග මගින් ස්වයංක්‍රීය කිරීම (Automating using Ultrasonic module)
Module-10 – Final Project and Certification
Project 01- Servo මෝටරය මගින් ඉදිරිපස පමණක් හඳුනාගෙන ගමන් කිරීම
Project 02 – විවිධ දිශා වල බාධක හඳුනා ගනිමින් ධාවනය(Adding servo motor)
Project 03 – නිර්මාණය සඳහා LED, Buzzer වැනි අමතර උපාංග එක් කිරීම.
Project 04- ව්‍යාපෘතිය සජීව ඉදිරිපත් කිරීම – Live Presentation
ඇගයීම සහ සහතික පත්‍රය ලබා දීම















