6- 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන සිසුන් සඳහා සැළසුම් කරන ලද, නව නිර්මාණකරණය සඳහා අවශ්‍ය මූලිකම තාක්ෂණික ක්‍රම වන ත්‍රිමාණ සැළසුම් (3D Designing) පරිගණක ආධාරයෙන් නිර්මාණය කිරීම සහ අන්තර්ජාල ගත කළ හැකි ඉලෙක්ට්‍රොනික පද්ධති (IoT – Internet of Things) සැළසුම් කර නිර්මාණය පිළිබඳ මාර්ගගත පාඨමාලාව.
2026 මැයි 25 දින සිට ආරම්භ වන නව පාඨමාලාව, සඳුදා දින වල ප.ව. 7.00 සිට 8.30 දක්වා (පළමු දින 4 නොමිලේ සම්බන්ධ විය හැකිය)

සම්බන්ධ වීමට අවශ්‍ය මූලික සුදුසුකම්…
7 ශ්‍රේණියේ හෝ ඉහළ පන්තියක ඉගෙනුම ලැබීම හෝ මූලික ඉලෙක්ට්‍රොනික හෝ ආඩුයිනෝ ක්‍රමලේඛන පාඨමාලාවක් හදාරා තිබීම සහ ක්ෂේත්‍රය් පිළිබඳ උනන්දුවක් දැක්වීම.
සම්බන්ධ වීම…
මෙම පන්තිය සම්පූර්ණයෙන්ම මාර්ගගතව පවත්වනු ලැබේ. ඒ සඳහා Zoom තාක්ෂණය භාවිත කරන අතර WhatsApp සමූහයක් මගින් අවශ්‍ය සන්නිවේදන කටයුතු කරනු ඇත. පන්තියට ප්‍රවේශ වීම සඳහා මුරපදයක් (Passcode) පෞද්ගලිකව ලබා දෙනු ඇත.
මෙම වට්ස් ඇප් සමූහය සමඟ සම්බන්ධ වන්න…
ව්‍යාපෘති සඳහා අවශ්‍ය නිබන්ධන pdf ලෙස WhatsApp group වෙත එවනු ලබන අතර පන්තියට සම්බන්ධ වීමට පෙර එය මුද්‍රණය කර ගැනීම වඩාත් උචිතය.
මෙම මාර්ගගත පාඨමාලාවේ දී පහත දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳ අධ්‍යයනය කිරීමට සැළසුම් කර ඇත..

විවිධ නිර්මාණ සැළසුම් කිරීම මෙන්ම ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික ඉංජිනේරු ඇඳීම සහ ත්‍රිමාණ නිර්මාණ සැලසුම් කර ඉදිකිරීම. (3D Designing)
මෙහිදී ත්‍රිමාණ සංකල්පය හඳුනාගැනීම සඳහා මූලික ක්‍රියාකාරකම් කිරීමෙන් අනතුරුව Tinkercad වැනි මාර්ගගත යෙදුම් භාවිතයෙන් නිර්මාණ කර ප්‍රායෝගිකව ප්ලාස්ටික් භාවිතයෙන් මුද්‍රණය කිරීම සිදු කර නිර්මාණයක් කිරීම.

ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ භාවිත වන විවිධ මිණුම් උපකරණ සහ වෙවලම් ප්‍රායෝගක භාවිතය (මල්ටි මීටර්, විදුලි පාහන)(Tools)
නිර්මාණ කිරීමේ දී විවිධ මැනුම් කටයුතු කිරීමට භාවිත කරන මීටර් වර්ග මෙන්ම විවිධ මෙවලම් භාවිත කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීම.

ප්‍රායෝගික විද්‍යුතය භාවිතය සහ ට්‍රාන්සිස්ටරයේ න්‍යායික කරුණු අධ්‍යයනය (Basic theory of electricity and transistor)
මෙම ඒකකයේ දී විද්‍යුතයේ මූලික න්‍යායන් පිළබඳ හදාරනු ලැබේ. වෝල්ටීයතාවය, ධාරාව, ප්‍රතිරෝධකතාව,

ESP32 භාවිතයෙන් අන්තර්ජාල සම්බන්ධිත ව්‍යාපෘති නිරිමාණය – IoT projects using ESP32
පාඨමාලාව මෙහෙයවීම
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම පිළිබඳ වසර 25 ක අත්දැකීම් ඇති උපදේශකයකු වන අනුර ප්‍රියදර්ශන ගුණරත්න මෙම පාඨමාලා මෙහෙයවීම සිදු කරයි. ඔහු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඩිප්ලෝමාධාරියෙක් (Dip. in Electronics) මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි (BIT).
කාලය සහ ගාස්තු
සම්පූර්ණ පාඨමාලාවේ උපරිම කාලය මාස 10 කි. සතියකට දිනක් පැය 1 මිනිත්තු 30 ක සැසිය බැගින් පවත්වන අතර, සමහර දින වල දී පමණක් එය පැය 2 ක් වනු ඇත.
මැයි මාසයේ නොමිළයේ වන අතර පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීම 2026 ජුනි සිට සිදු කරනු ලබයි. මාසික ගාස්තුව රු 1400/- කි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය උපාංග ඔබ විසින් පෞද්ගලිකව සපයා ගත යුතු අතර අත්‍යාවශ්‍ය සිසුන් සඳහා උපාංග ඇනවුම් කර ගෙන්වා ගත හැකිය.
ඇගයීම සහ සහතික පත්‍රය
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා මාර්ගගත ඇගයීමකින් අනතුරුව සහතික පත්‍රය (e Certificate – Soft copy) නිකුත් කරනු ලැබේ. මුද්‍රිත සහතිකය අවශ්‍ය නම් ඇනවුම් කර ලබාගත හැකිය.

