කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) රොබෝ තාක්ෂණය (Robotics) … මේ දිනවල ප්‍රචලිත මාතෘකාවක්. මෙවැනි බෝහෝ විෂයයන් වල මූලික පදනම ඉලොක්ට්‍රොනික (Electronics) තාක්ෂණය සහ ක්‍රමලේඛනයයි (Programming). 2021 වර්ෂයේ සිට මේ දක්වා මාර්ගගතව, මේ සම්බන්ධ පාඨමාලා පැවැත්වීම මගින් සිසුන්ගේ අත්දැකීම් සහ දැනුම වර්ධනය කිරීම සිදුකරමින් පවතී.
අප සැළසුුුම් කර ඇති සරල මාර්ගගත පාඨමාලාව තුලින් මෙවැනි විෂයයන් පිළිබඳව 6-9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන්ට මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත. නිතර පාඨමාලා අන්තර්ගතය යාවත්කාලීන කිරීම සිදු කරනු ලබයි.
පාඨමාලාවේ අන්තර්ගතය පිළිබඳ…
- මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හඳුනා ගැනීම.(An introduction to basic electronics)
- පරිගණක ක්‍රමලේඛණ මූලික හඳුනා ගැනීම. (An introduction to programming)
- ඉලෙක්ට්‍රොනික නිර්මාණයක් ක්රමලේඛණයකින් ක්‍රියාත්මක කිරීම. (Operating an electronic circuit using a computer programme)
- Arduino හඳුනාගැනීම. (Arduino basics)
- පරිපථ නිර්මාණය සහ ක්‍රමලේඛණ ලිවීම/ ක්‍රියාත්මක කිරීම (Building circuits and writing programme/ executing)
මෙහි දී ක්‍රමලේඛණ ඇසුරින් ඉලෙක්ට්‍රොනික පද්ධති ක්‍රියාත්මක කිරීමේ මූලික ක්‍රියාකාරකම් 22 ක් ඇසුරින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එයට අදාළ න්‍යායික කරුණු ද අවබෝධ කරනු ඇත.
සම්බන්ධ වීම…
මෙම පාඨමාලාව සමඟ සම්බන්ධ වීම සඳහා පහත whatApp Group එකට සම්බන්ධ වන්න. එම සමූහයට අවශ්‍ය තොරතුරු එවනු ලැබේ.
කාලය
සම්පූර්ණ පාඨමාලාවේ කාලය මාස 7 ක් වන අතර මාස 6 ක් සඳහා පමණක් ගාස්තු අයකරනු ලබයි. සතියකට දිනක් පැය 1 මිනිත්තු 30 ක සැසිය බැගින් පවත්වන අතර, සමහර දින වල දී පමණක් එය පැය 2 ක් වනු ඇත.
පාඨමාලාව මෙහෙයවීම
අනුර ප්‍රියදර්ශන ගුණරත්න (Dip in Electronics, BIT)
ඇගයීම සහ සහතික පත්‍රය
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා මාර්ගගත ඇගයීමකින් අනතුරුව සහතික පත්‍රය නිකුත් කරනු ලැබේ.
පාඨමාලාවේ දී නිර්මාණය කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති 22…
මෙම ව්‍යාපෘති 22 කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ ඒ ඒ ව්‍යාපෘතිය තුලින් ආඩුයිනෝ ක්‍රමලේඛණ ලිවීම සඳහා භාවිත වන න්‍යායික කරුණු ප්‍රායෝගික අත්හදා බැලීම මගින් අවබෝධ කර ගැනීමයි.
Learning materials download
Syllabus download: https://drive.google.com/file/d/1BdTbQld0aUzoTlfO1vneND-PKQ9LH4WM/view?usp=sharing
Components list: https://drive.google.com/file/d/1AhKMk9g3_G0U2LeiQO6fdFqsgxDVmTWp/view?usp=sharing
Tute 01: https://drive.google.com/file/d/1BjeOq3fbmbaWa4fHxt1ciBIvDDB4Uk4L/view?usp=sharing
Tute 02: https://drive.google.com/file/d/1A4pkwoeftdBcmWGg91W3-NyUEuxEWOJ_/view?usp=sharing
Tute 03: https://drive.google.com/file/d/1C2ADuocHxvXSRZdQT4NUuOglrxEGdnGD/view?usp=sharing
