ඉලෙක්ට්‍රොනික්ස් සහ ආඩුයිනෝ ක්‍රමලේඛණය – 2024 – 6 ශ්‍රේණියේ සිට
කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) රොබෝ තාක්ෂණය (Robotics) … මේ දිනවල ප්‍රචලිත මාතෘකාවක්. මෙවැනි බෝහෝ විෂයයන් වල මූලික පදනම ඉලොක්ට්‍රොනික (Electronics) තාක්ෂණය සහ ක්‍රමලේඛනයයි (Programming). 2021 වර්ෂයේ සිට මේ දක්වා මාර්ගගතව, මේ සම්බන්ධ පාඨමාලා පැවැත්වීම මගින් සිසුන්ගේ අත්දැකීම් සහ දැනුම වර්ධනය කිරීම සිදුකරමින් පවතී. විශේෂයෙන්ම නව නිර්මාණකරණයට උනන්දුවක් දක්වන දරුවන්ට ඒ සඳහා අවශ්‍ය මූලික තාක්ෂණික දැනුම ලබා දීම මෙහි අරමුණයි.
අප සැළසුුුම් කර ඇති මෙම මාර්ගගත පාඨමාලාව තුලින් මෙවැනි විෂයයන් පිළිබඳව 6-9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන දරුවන්ට මූලික අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත. නිතර පාඨමාලා අන්තර්ගතය යාවත්කාලීන කිරීම සිදු කරනු ලබන අතර ව්‍යාපෘති පදනම් කර ගනිමින් පාඨමාලාව පවත්වාගෙන යනු ලැබේ.
ප්‍රායෝගික ව්‍යාපෘති පදනම් වූ පාඨමාලාවේ අන්තර්ගතය …(Projects based course)
- ව්‍යාපෘති 12 ක් මගින් මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හඳුනා ගැනීම.(An introduction to basic electronics)
- ව්‍යාපෘති 24 ක් මගින් ආඩුයිනෝ ක්‍රමලේඛණය. (Arduino programming)
සෑම ව්‍යාපෘතියක් සඳහාම නිබන්දනයක් pdf ආකාරයෙන් එවනු ලබන අතර පන්තියට පෙර එහි මුද්‍රිත පිටපතක් ලබා ගැනීම වැදගත් වේ.
මෙහි දී මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණික මූලධර්ම අවබෝධ කරවීම සඳහා ව්‍යාපෘති 12 ඇසුරින් මාස 4 කට ආසන්න කාලයක් යොද වන අතර ඉන් අනතුරුව ආඩුයියෝ ව්‍යාපෘති 24 ඇසුරින් ආඩුයිනෝ ක්‍රමලේඛණ භාවිතයෙන් ඉලෙක්ට්‍රොනික පද්ධති ක්‍රියාත්මක කිරීමේ මූලික අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එයට අදාළ න්‍යායික කරුණු ද අවබෝධ කරනු ඇත.
මාර්ගගතව පන්තිය පවත්වන ආකාරය…
මෙම පන්තිය සම්පූර්ණයෙන්ම මාර්ගගතව පවත්වනු ලැබේ. ඒ සඳහා Zoom තාක්ෂණය භාවිත කරන අතර WhatsApp සමූහයක් මගින් අවශ්‍ය සන්නිවේදන කටයුතු කරනු ඇත. පන්තියට ප්‍රවේශ වීම සඳහා මුරපදයක් (Passcode) පෞද්ගලිකව ලබා දෙනු ඇත.
අවශ්‍ය අවස්ථා වල දී ව්‍යාපෘති සඳහා අවශ්‍ය නිබන්ධන pdf ලෙස WhatsApp group වෙත එවනු ලබන අතර පන්තියට සම්බන්ධ වීමට පෙර එය මුද්‍රණය කර ගැනීම වඩාත් උචිතය.
කාලය සහ ගාස්තු
සම්පූර්ණ පාඨමාලාවේ කාලය මාස 12 කි. සතියකට දිනක් පැය 1 මිනිත්තු 30 ක සැසිය බැගින් පවත්වන අතර, සමහර දින වල දී පමණක් එය පැය 2 ක් වනු ඇත.
පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීම 2023 දෙසැම්බර් සිට සිදු කරන අතර මාසික ගාස්තුව රු 1100/- කි. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය උපාංග ඔබ විසින් පෞද්ගලිකව සපයා ගත යුතුය.
පාඨමාලාව මෙහෙයවීම
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඉගැන්වීම පිළිබඳ වසර 25 ක අත්දැකීම් ඇති උපදේශකයකු වන අනුර ප්‍රියදර්ශන ගුණරත්න මෙම පාඨමාලා මෙහෙයවීම සිදු කරයි. ඔහු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඩිප්ලෝමාධාරියෙක් (Dip. in Electronics) මෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිධරයෙකි (BIT).
ඇගයීම සහ සහතික පත්‍රය
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා මාර්ගගත ඇගයීමකින් අනතුරුව සහතික පත්‍රය (e Certificate) නිකුත් කරනු ලැබේ.
පාඨමාලාවේ දී සිසුන්ට තනිව පහත සඳහන් ක්‍රියාකාරකම් ව්‍යාපෘති 36 ක් ව්‍යාපෘති ලෙසින් කිරීමට අවස්ථාව ලැබේ…
මෙම ව්‍යාපෘති 12 සහ 24 කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ ඒ ඒ ව්‍යාපෘතිය තුලින් ඉලෙක්ට්‍රොනික්ස් සහ ආඩුයිනෝ ක්‍රමලේඛණ ලිවීම සඳහා භාවිත වන න්‍යායික කරුණු ප්‍රායෝගික අත්හදා බැලීම මගින් අවබෝධ කරවීමයි.
ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරකම් 12 (ව්‍යාපෘති ලෙසින්)
- මූලික පරිපථයක් නිර්මාණය කර පරිපථ සටහනක් ඇඳීම.
- සන්නායකතාවය සහ ප්‍රතිරෝධකතාව හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම.
- ව්‍යාපෘති පුවරුව මත පරිපථයක් ගොඩනැඟීම
- විවිධ වෝල්ටීයතා යටතේ LED ක්‍රියාත්මක කිරීම
- විචල්‍ය ප්‍රතිරෝධකයකින් LED දෙකක් පාලනය කිරීම
- ස්ථාවර බල සැපයුමකින් විවිධ ආලෝක යටතේ LED දැල්වීම
- NPN ට්‍රාන්සිස්ටරයක් භාවිතයෙන් පරිපථයක් නිර්මාණය කිරීම
- විචල්‍ය ප්‍රතිරෝධකයක් භාවිතයෙන් LED එකක ආලෝකය පාලනය කිරීම.
- ආලෝක සංවේදී පරිපථය
- අඳුරට සංවේදී වන පරිපථය
- කම්පන සංවේදක පරිපථය
- විවිධ ස්පර්ෂ සංවේදී පරිපථ සහ නිවෙන දැල්වෙන LED පරිපථය තුලින් බහුකම්පක පරිපථයක් නිර්මාණය
ආඩුයිනෝ නිර්මාණ ක්‍රියාකාරකම් (ව්‍යාපෘති ලෙසින්)
- මූලික සම්බන්ධ කිරීම් සහ Arduino පුවරුව පරීක්ෂා කිරීම
- Adding more LEDs
- Running LEDs
- LED and RGB LED controller
- Knight rider
- Seven Segment Display 0-9 counter
- Tone generator, Identifying various frequencies and (Hz) Write codes for happy birthday
- Printing a message using serial print.
- Single push button ON/OFF LED. (Sequence method)
- LED Dimmer.
- Light sensor circuit (Day) L
- Light sensor circuit (Night)
- ආලෝක මට්ටම අනුව ක්‍රියාකාරී බසරය- Light sensitive buzzer.
- Plant watering circuit.
- Motor speed control
- Automatic road barrier using LDR, Servo, LED
- Counter (LDR).
- ඉලෙක්ට්‍රොනික දාදු කැටය- Digital dice SSD (Auto number generation)
- Distance measuring (Ultrasonic sensor)
- DIY Joystick
- Robot arm (2 servo motor+2 variable resistor).
- වාහනය සඳහා චැසිය ගොඩ නැගීම – Building Vehicle chassy
- ස්වයංක්‍රීය බාධක මග හරින වාහනය Automated obstacle avoiding vehicle/ Robot
- ස්වයංක්‍රීය බාධක මග හරින වාහනය Automated obstacle avoiding vehicle/ Robot
විෂය නිර්දේශය …
ව්‍යාපෘති පදනම් කර ගත් ක්‍රියාකාරකම් ඇසුරින් පහත සඳහන් මූලික න්‍යායික කරුණු ආවරණය වන ලෙස 6 – 9 ශ්‍රේණිවල සිසුන්ට ගැලපෙන ලෙස පාඨමාලාව ආවරණය කරනු ලැබේ.
ඉලෙක්ට්‍රොනික්ස් – Electronics
- විද්‍යුත් ප්‍රභව හඳුනා ගැනීම. (Electrical sources)
- සරල ධාරා සහ ප්‍රත්‍යාවර්තක ධාරා වල ස්වභාවය. (Nature of DC and AC)
- විභව අන්තරය මැනීම.(Measuring voltage – V)
- සන්නායක, පරිවාරක සහ ප්‍රතිරෝධකතාවය හඳුනාගැනීම. (Identifying the conductors, insulators and resistance)
- ප්‍රතිරෝධක වර්ග, ධාරිත්‍රක සහ ඩයෝඩ හඳුනා ගැනීම.(Identifying the types of resistors, capacitors, and diodes)
- NPN ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය. (NPN transistor)
- අනුකලිත (IC) පරිපථ වල මූලික ආකාරය. (Integrated circuit – IC)
ආඩුයිනෝ ක්‍රමලේඛණය – Arduino programming
- Microcontrollers vs Microprocessors
- How to work microcontroller-based projects
- Sensors
- Processes
- Actuators
- Birth of Arduino
- Types of Arduino boards
- Identifying the Arduino Uno board
- Power supply
- I/O pins
- Other connections
- Arduino IDE – Offline and Online editor
- Arduino IDE for Android – Arduinodroid
- Online Arduino simulators
- Tinkercad (tinkercad)
- WOKWi (wokwi.com)
- Arduino coding -Projects
- How to work microcontroller-based projects


